ජලභීතිකාවෙන් දැරිය මරුට: දෙමාපියනි ප්‍රවේශමෙන්!

කොළොන්නාව බාලිකා විදුහලේ ඉගෙනුම ලැබූ හංසනී ඔල්ගා ජයවීර නමැති 14 හැවිරිදි දියණිය ජලභීතිකා උණ වැළඳී මිය ගොස් තිබෙනවා.

ඇය විසින් මාස එකහමාරකට පමණ පෙර මාර්ගයේ සිටි බලු පැටවෙකු නිවසට ගෙනැවිත් තබාගෙන සිට ඇති අතර එම සත්වයා මාසයකට පමණ පෙර මිය ගොස් ඇති බව සඳහන්.

පසුව ඔල්ගා දැරියද උණ රෝගය වැළඳී මරුවුවට පත් වුණා.

දඩාවතේ යන බලුගහණය ඉතා වැඩි වී ඇති අතර ඉවත් කිරීමේ කිසිදු සාධනීය කටයුත්තක් සිදු නොවන බවට ජනතාව චෝදනා කරනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් සුරතල් සතුන් හා ගැවසීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles