වලව්වේ පුංචි නෝනා නඩු දාලා මාව පක්ෂෙන් එලෙව්වා – මෛත්‍රීපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරනවා.

තමන් ඉවත් නොවී දිගටම සිටියා නම් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි වන බව පැවසු සිරිසේන ඒ අනුව තමා ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා එම තීරණය ගත් බවයි කියා සිටියේ.

තමාගෙන් පසු එම සභාපති ධුරයට ආචාර්ය විජයදාස රාජපක්ෂ පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු නොසිටි නිසා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles