රටේ ඉදිරි වසර පහ ගැන ජනපති කියයි

මෙරට අනාගතය රඳා පවතින්නේ ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය මත බව ජනපතිවරයා පවසනවා.

බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ යළි නගා සිටුවීමට තමාට හැකි වූ අතර ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශ්ව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

ජනපතිවරයා මේ බව කියා සිටියේ, “දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධාන කළ මන්නාරම දිස්ත්‍රික් තරුණ සමුළුව ඊයේ (16) අමතමින්.

මන්නාරම දිස්ත්‍රික්කය තුළද පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳවද ජනපතිවරයා මෙහිදී ජනතාව වෙත දැනුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles