සපුගස්කන්ද පිරිපහදුව වෙනම ආයතනයක් කිරීමේ සූදානමක්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම යටතේ ඊට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමඟින් ඊට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කරගැනීමට හැකිවන අතර ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට ද හැකි වනු ඇති බව සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යූහය ද සමාලෝචනය කෙරෙන අතර විවිධ කාර්යයන් සහ සේවාවන් සඳහා ඩිජිටල් වේදිකා හඳුන්වාදීමට ද නියමිත බවයි ඔහුගේ සටහනේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles