ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසූ සිසුවා අත්අඩංගුවට

රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම බස් නැවතුම්පොළ රැඳී සිටි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොචියාගම, උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙක්.

සැකකරු ඊයේ (25) දහවල් තඹුත්තේගම බස් නැවතුම්පොළ අසල සැකකටයුතු ලෙස රැඳී සිටියදී , නැවතුම් පොලේ සිටි පොලිස් නිලධාරියකුට ඇති වූ සැකයක් මත තරුණයා පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මෙම රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හය සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුගේ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ රැසක් නිවසේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles