පියුමිගේ “ලොලියා” ගැන කුරියර් සමාගමේ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගනී

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇති බැවින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ඔහුව කැඳවූ බවයි.

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවණ්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මඟින් ඉල්ලීමක් කර තිබුණු අතර එම ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එම කුරියර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළ බව සඳහන්.

නිරූපණ ශිල්පිනියක ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles