තරුණයෙකු පැහැර ගැනීම : හිරුණිකාට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

ඉකුත් 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් වධහිංසා සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කෙරුණා.

ඒ අනුව අදාළ නඩු තීන්දුවේ චෝදනා 18කට ඇය වැරදිකරු බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ප්‍රකාශයට පත් කළ බව සඳහන්.

අමිල ප්‍රියංකර අමරසිංහ නැමැති තරුණයෙකු රැකවලුන් යොදවා ඉකුත් 2015 වසරේ පැහැරගෙන ගොස් තිබූ අතර ඊට අනුබලදීමේ චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණා.

ඇයගේ රැකවලුන් ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම නිසා ඔවුන්ට වසර 12ක අත්හිට වූ සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පැහැර ගැනීමට ලක් වූ තරුණයාට රුපියල් දෙලක්ෂ අසූපන්දහසක දඩයක් නියම කිරීමට නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles