තැපැල් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්!

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් මගින් ජනතාවගේ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් තොරතුරු ලබාගැනීමක් සහ මුදල් වංචා කිරීමක් ගැන පසුගිය දා තොරතුරු වාර්තා වුණා.

සිය නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වංචනිකයන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් ලිපිනයද අවභාවිත කර ඇතැයි වාර්තාවෙනවා. ඔවුන් විසින් පුද්ගලයන් වෙත කෙටි පණිවිඩයක් එවමින් පාර්සලයක් ලැබී ඇති බවත් ඒ වෙනුවෙන් සුළු මුදලක් ගෙවිය යුතු බවත් පවසා වංචා කර ඇති බවයි කියැවෙන්නේ. මෙම වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක්, විමසීමක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම්, 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙස වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles