පියුමිව CID ගෙන්වයි

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.

මේ වන විට ඊට අදාළව පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඇයගේ සමාගමේ නිෂ්පාදිත ද්‍රව්‍ය බෙදා හරින ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිව් දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඉදිරියේදී ඊට අදාළව තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද නියමිත බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් ඇය බැංකු නවයක පවත්වාගෙන යන්න ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති අතර එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles