රන් කඩේ හිමිකරු පාරේ යන අයගේ රන් කොල්ල කාලා අත්අඩංගුවේ

මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ බෙල්ලට කඩුවක් තබා මරණ බිය ඇති කර රන් ආබරණ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බව කියන රන් ආබරණ වෙළඳසල් හිමියකු, කාන්තාවක ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩුදෙකක්,යතුරුපැදියක් හා අත්බෝම්බයක් ද පොලීසිය භාරයට ගත් බව සඳහන්.

කලක් තිස්සේ මරදගහමුල දූනගහ අවට ගම්මානවල අතුරු මාර්ගවල ගමන් ගත් කාන්තාවන්ගේ රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධීන් පිළිබඳ වාර්තාවී තිබුණා.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් පල්ලියපිටිය ප්‍රදේශයේදී රන් දම්වැල් දෙකක් කඩාගෙන පලා යමින් සිටි යතුරුපැදියක් ලුහුබැඳ ගොස් ඇති අතර එහිදී බඩල්ගම පොලිස් වසමේ හොරකඳවිල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ලොරියක ගැටී පෙරලී තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍රදේශවාසී ජනතාවගේ ද සහයෙන් කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදියටද බරපතල හානි සිදුවී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මීරිගම හල්පෙ පදිංචිකරුවකු සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles