රංගේගෙ පුතා අත්අඩංගුවේ

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසනවා.

කරුවලගස්වැව 07 කණුව ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 5ට පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

මෙම අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්.

මෙයට පෙරද බීමතින් රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles