මත්පැන් යැයි රැවටී වස බීමේ සිද්ධිය : ධීවර මරණ 3 දක්වා ඉහළ යයි

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩෙවෝන් නම් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙක්ගෙන් තිදෙනෙක් මේ වන විට මරණයට පත්ව තිබෙනවා.

ඔවුන් මුහුදේ පාවෙමින් තිබූ බෝතල් කිහිපයක් දැක මත්පැන් යැයි සිතා ඒවා පානය කර ඇති අතර ඒවායේ විෂ සහිත ද්‍රාවණයක් අඩංගු වී ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

“වෛද්‍ය කණ්ඩායම් පණිවුඩ හුවමාරු යන්ත්‍රය භාවිත කරමින් ප්‍රථමාධාර ලබාදෙනවා. අපිට ගොඩබිම සිට යාත්‍රාවක් යැවීමට ප්‍රමාණවත් කාලයක් නැහැ. ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ ඉන්නේ. ඒ අසල ගමන් කරන වෙනත් නෞකාවකට ඔවුන් ගොඩ කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. දැනට තොරතුරු වාර්තා වෙන්නේ මෙම ධීවරයන්ට හමුවූ බෝතල්වලින් කොටසක් ඒ අවට තිබූ අනෙක් යාත්‍රාවලට බෙදාදී තිබෙන බව. තවත් කුමන යාත්‍රාවක හෝ මේ බෝතල් තිබෙන්න පුළුවන්. අපි ඒ ගැනත් දැන් දැනුවත් කරමින් යනවා.”

“මේ වනවිට නාවික සැතපුම් 320කට වැඩි දුරකින් ජාත්‍යන්තර මුහුදේ තමයි මේ යාත්‍රාව තිබෙන්නේ. දැනට ගොඩබිමට ගමන් කරන වේගය පැයකට නාවික සැතපුම් 07කට ආසන්න වේගයක්. ඒ කියන්නේ දවස් දෙකට ආසන්න කාලයක් ගොඩබිමට පැමිණීමට ගතවෙනවා.”

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත එසේ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles