උපාධිධාරීන්ට ගුරු පත්වීම්

තවත් උපාධිධාරීන් 5,450ක් ගුරු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ද ඔහු සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්.

ඒ් අනුව විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව මෙම ගුරුවරුන් බඳවා ගන්නා බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ.

එසේම පළාත් මගින් එම බඳවාගැනීම් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බඳවාගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles