මාධ්‍යවේදියෙකුගේ බඩු උස්සලා

නිදහස් මාධ්‍යවේදී පරමේෂ්වරන් විග්නේෂ්වරන්ගේ aivarree.com වෙබ් අඩවිය පවත්වාගෙන යන කොටහේන පිහිටි සිය කාර්යාලයට කිසියම් අයකු ඇතුළු වී තම කැමරාව ඇතුළු මාධ්‍ය උපකරණ සොරාගෙන ඇති බව සඳහන් වෙනවා.

ඔහු විසින් ඒ් පිළිබඳව කොටහේන පොලීසියට පැමිණිලි කර තිබෙනවා.කොටහේන පිකරින්ස් පාරේ සිය කාර්යාලයට අගෝස්තු 14 වැනිදා රාත්‍රියේ වහලයෙන් ඇතුළු වු අයකු මෙම සොරකම සිදු කර ඇති බවත් ඊට අදාල සී.සී.ටී.වී දර්ශනද පරමේෂ්වරන් විග්නේෂ්වරන්ගේ විසින් පොලීසියට බාර දී තිබෙනවා.

එසේම මීට පෙර අවස්ථා කිහිපයකදීම තම වෙබ් අඩවියට හා යු ටියුබ් චැනලයට එල්ල වු බාධා කිරීම් නිසා තමන්ගේ මාධ්‍ය කටයුතු ඉලක්ක කරගනිමින් කිසියම් අයෙක් සැලසුම් සහගතව මෙම සොරකම සිදු කර ඇති බවට මාධ්‍යවේදියා සැක පළ කරනවා.

මාධ්‍යවේදියා පවසන්නේ 2022 වසරේ ජුනි 21 වැනිදා තමන් පදිංචි නිවසේ තිබු මාධ්‍ය කටයුතු වෙනුවෙන් භාවිත කළ ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකය ඇතුළු ලක්ෂ 20 ක වටිනාකමකින් යුත් මාධ්‍ය උපකරණ කිසියම් අයකු විසින් සොරාගෙන ගත් බවයි.

ඒ සම්බන්ධයෙන් කොටහේන පොලීසියට පැමිණිලි කළද මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී නොමැති බවත් ඔහු සදහන් කරනවා.

එසේම 2023 අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේ අවස්ථා දෙකක දී සිය වෙබ් අඩවිය හැක් කිරීමකට ලක් වු බව පවසන නිදහස් මාධ්‍යවේදී පරමේෂ්වරන් විග්නේෂ්වරන් සදහන් කරන්නේ තමන් විසින් පවත්වාගෙන යන යු ටියුබ් චැනල් දෙකද හැක් කිරීමකට ලක් වු අතර එක් යු ටියුබ් චැනලයක් හැකර්වරුන් විසින් මකා දමා තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles