සිසුවියන් 11 ට හදි කළ මැදිවයස් ගුරු අත්අඩංගුවට

පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනකු පමණ ලිංගික අතවරයකට ලක් කළ ගුරුවරයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයකු බවයි පොලිසීය පවසන්නේ.

පොතුහැර ප්‍රදේශයේ පදිංචි පනස්පස් හැවිරිදි දෙදරු පියකු වන මෙම ගුරුවරයා සම්බන්ධයෙන් මව්පියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මතයි ගරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම ගුරුවරයා තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන් අතවරයට ලක් කර තිබෙනවා.

දිනපතාම සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් ඊට ගොදුරුවූ සිසුවියන් නිවසේදී තම මාපියන්ට දැන්වීමෙන් පසුව දෙමව්පියන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ බවයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles