ලිබියාවේ මිය ගිය සංඛ්‍යාව දස දහස ඉක්මවයි

ලිබියාවේ ඩැනියෙල් සුළි කුණාටුව හසුව අතුරුදන් වූ සහ මිය ගිය පිරිස 21400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊසානදිග ලිබියාව විනාශ කළ ගංවතුර හේතුවෙන් ඩර්නාහි පමණක් පුද්ගලයන් 11,300 ක් පමණ මිය ගොස් 10,100 ක් අතුරුදහන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසන්නේ.

එසේම ඊසානදිග ලිබියාව හරහා 40,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවත් දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා ක්‍රියා කරන බවත් එම කාර්යාලය සඳහන් කරනවා.

ලිබියාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත අබ්දුලායි බතිලි පැවසුවේ ඇත්තේ “එය ඇත්තෙන්ම හදවත කම්පා කරවන්නකි. ව්‍යසනයේ විශාලත්වය මම සියැසින්ම දුටුවෙමි. මෙම අර්බුදය ලිබියාවට කළමනාකරණය කිරීමේ හැකියාවෙන් ඔබ්බට ය, එය දේශපාලනය හා දේශසීමා ඉක්මවනවා”යන්නයි.

අවශ්‍යතා ඇති අයට ආධාර සැපයීම සඳහා එක්සත් ජාතීන් පළාත් පාලන ආයතන සහ ආධාර ආයතන සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරන බවත් පෙන්වා දෙන අබ්දුලායි බතිලි මෙම සංඛ්‍යා දත්ත ඉදිරියේ දී තවත් ඉහළ යා හැකි බව ද සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles