දැඩි උණුසුමෙන් 9 දෙනෙකු මරුට

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආසියානු රටවල් රැසක මේ දිනවල දැඩි උණුසුම් සහිත කාලගුණයක් පවතින අතර ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ඉන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ගෙවුණු අප්‍රේල් මාසයේ නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වී ඇති උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 28.12ක්.

එම ප්‍රදේශයන්හි වෙනත් කාලවල වාර්තා වන උෂ්ණත්වයේ සාමාන්‍ය අගය වන්නේ සෙල්සියස් අංශක 22.1 ක් බව විදෙස් වාර්තාවල සඳහන්.

උෂ්ණාධික කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයට වන අතර ඒ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් දරුණු ජල හිඟයකට ද මුහුණදීමට සිදුව තිබෙනවා.

එම ප්‍රදේශයේ බහුතරයක් ජනතාව ළිං ජලය භාවිතා කරන අතර එ‍ම ළිං සිඳී යාමෙන් පානීය ජල අවශ්‍යතාය සපුරාගත නොහැකිව ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

1973 වසරෙන් පසුව නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වූ වඩාත්ම උණුසුම් ම අප්‍රේල් මාසය ලෙස ගෙවුණු අප්‍රේල් මාසයය වාර්තා අතරට එක් වුණා.

ජූනි මාසය දක්වාම මෙවැනි උෂ්ණාධික කාලගුණයක් වාර්තා විය හැකි බවට ඉන්දීය කාලගුණ බලධාරීන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles