දුම්රිය සංඥා පුවරු සවි කරන්න ඉන්දියාවෙන් එයි

මහව සිට අනුරාධපුරය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 66 සංඥා පද්ධතිය සකස් කිරීමට ඉන්දියානු ණයක් ලැබී තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 318 ක ඉන්දියානු ණයක් (LOC)බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ IRCON Ltd අතර මෙම ගිවිසුම අත්සන් කළ බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් , ශ්‍රී ලංකා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ත් ඇතුලුව ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය , ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සහ IRCON Ltd හි ජ්‍යෙෂ්ඨ පිරිසක් සහභාගී වී සිටියා.

එසේම මේ වන විට IRCON Ltd සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 91.27 ක වියදමින් මහෝ සිට ඕමන්ත දක්වා (කිලෝමීටර 128) දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය සහ අනුබද්ධ වැඩ ඇතුළුව දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් කරගෙන යනවා. මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු දැනටමත් අවසන් කර ඇති අතර, අනුරාධපුරයේ සිට මහව දක්වා කොටසේ වැඩ 2024 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles