මැති සබේ යකා නැටූ මන්ත්‍රී 9කට චෝදනා

පාර්ලිමේන්තුව තුළ විනයවිරෝධීව හැසිරුණු බවම චෝදනා ලද මන්ත්‍රීවරුන් 9කට එරෙහිව කෙරුණු පැමිණිලි 6ක් මේ සතියේදී විභාගයට ගැනෙනවා.

කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටු සභාපති චමල් රාජපක්ෂට මේ සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.

ඉදිරි දින තුනේ දී (28,29,30) එම කමිටුව රැස්වීමට නියමිත වෙනවා.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජයය පෙරේරා/ රෝහණ බණ්ඩාර හබය සම්බන්ධ පැමිණිල්ල, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සහකාර ලේකම්ට තර්ජනය කළ බව කියන පැමිණිල්ල, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට එරෙහිව කර ඇති පැමිණිල්ල, විපක්ෂ නායකවරයා සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට එරෙහිව කර ඇති පැමිණිල්ල සහ නීතිවිරෝධීව රත්රන් ගෙනා අලි සබ්‍රි මන්ත්‍රීවරයාට එරෙහිව ඇති පැමිණිල්ල මේ පැමිණිලි 6යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles