දැරියන් 5කට අතවර කළැයි චෝදනා ලද දෙව්ගැතිට ඇප

දෙහිවල ප්‍රදේශයේ ලියාපදිංචි නොකර පවත්වාගෙන ගිය කාන්තා නේවාසිකාගාරයක නිවැසි දැරියන් 5 දෙනෙකු දීර්ඝ කාලයක් තිස්සේ අතවරයට ලක් කළ බවට සැකකර පසුගියදා දේවගැතිවරයෙක් අත්අඩංගුවට ගැනුණා.

එයට අදාළ නඩුව ඊයේ (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණු අතර පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා. එකී බාලවයස්කාර දැරියන්ට අතවර කිරීම පිණිස දෙව්ගැති විසින් ඔවුන්ට කාමුක චිත්‍රපට පෙන්වා තිබූ බවත්, දෙව්ගැතිවරයාගේ බිරිඳ අතවරයන් සඳහා සහය දුන් බවත් හෙළිව ඇතැයි එහිදී පොලිසිය පැවසුවා.

මෙම සිද්ධිය හෙළිදරව් වූයේ අතවරයට පත් වුණු දැරියක් තම පාසලේ විදුහල්පතිනියට එය දන්වා ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලක් හේතුවෙන්.

අදාළ අතවරයට ලක් වූ බව කියන දැරියන්ගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැන්වූ අධිකරණය, චූදිත දේවගැතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles