පොලිසියට රැගෙන ගිය හිරිමල් තරුණයා සැකකටයුතු ලෙස මරු දකී

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 ක තරුණයෙකු පොලිස් සිර මැදිරියේදි රෝගාතුර වී ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මියගොස් ඇත්තේ අනුරාධපුර දෙවන පියවරෙහි පදිංචි ශානුක ගිහාන් මාරඹගේ නමැති වයස අවුරුදු විසි දෙකක පවුලේ එකම පිරිමි දරුවා බවයි සඳහන් වන්නේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය මගින් ඊයේ (30) දින මෙම තරුණයා ඇතුළු තවත් තරුණයින් තිදෙනෙකු අනුරාධපුර,දෙවන පියවරේදි අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා තිබූ බව පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles