5000 ගෙවා ගන්න බැරිව වසර 3ක් හිරේ ඉඳලා: බන්ධනාගාරෙන්ම බේරා යවයි

ආර්ථික අපහසුතාවක් හේතුවෙන් රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව වසර 3ක් බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකු එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර ශුභසාධක සංගමය කටයුතු කර තිබෙනවා.

බන්ධනාගාර අධිකාරි රෝහණ ගලපත්ති, නියෝජ්‍ය ප්‍රධාන ජේලර් රුවන් ගාමිණී, බන්ධනාගාර වීක්ෂණ කමිටු සාමාජික නස්රීන් නසීර් සහ පුනරුත්ථාපන නිලධාරී ගයාන් ලක්ෂිත මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර ම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ, එම්.එච්. වසන්ත නමැති රැදවියෙකු මෙසේ නිදහස් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles