ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙයි

පසුගිය දා ශ්‍රී පාද කඳුමුඳුනේ උඩමළුවෙන් පහළ හෙලට පැන අතුරුදහන් වූ තරුණයා හමුවී තිබෙනවා. ඒ ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයෙනුයි. වතු කම්කරුවන් පිරිසක් මොහුව දැක නල්ලතන්නිය පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.

කාන්තාවන් දෙදෙනෙකු සමඟ වන්දනාවේ පැමිණි හම්බන්තොට අයෙකු වූ මොහු සෙවීම සඳහා විශේෂ කාර්ය බලකාය විසින් දින තුනක දුෂ්කර මෙහෙයුමක් දියත් කළා. මොහු කන්දෙන් පහළට පැන පළායන්නට ඇතැයි අනුමාන කර පසුව මෙහෙයුම අත්හැර දැමුණා.

ඔහු මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි ආරංචිමාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles