ආගම් මාරුවට වැටක්

ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඊට පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට විෂය භාර ඇමති විදුර වික්‍රමනායක තීරණය කර ඇති අතර ඒ සඳහා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙසටයි ඇමතිවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙන්නේ.

ආගමික සිද්ධස්ථාන හා භික්ෂුන් වහන්සේ සම්බන්ධ ගැටලු, ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරි නායක හිමිවරුන් සමඟ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීයි ඇමතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

මේ අතර ගුවන් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතෙහි භික්ෂුන් වහන්සේ හා සිල් මෑණියන් වහන්සේගේ නාමයන් ඇතුළත් කිරීමේදී භික්ෂුන් වහන්සේ සඳහා Venerable ලෙසත් සිල් මෑණියන් වහන්සේ සඳහා Reverend ලෙසත් යෙදීමට එහිදී තීරණය කළ බවත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles