රාජ්‍ය ආයතන පහක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට මේ සතියේදී කැඳවා තිබෙනවා.

මෙසේ කැඳවා ඇති සෙසු ආයතන වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් අනිද්දා (24) පස්වරු 2.00ටද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල යන ආයතන වල ප්‍රධානීන් ලබන 25 දිනයේ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් ලබන 26 දිනයේ ද මෙසේ කැඳවන බව කෝප් කමිටුව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles