කුලියාපිටියේ තරුණයා අතුරුදන් කිරීම: හිටපු මහ ඇමැතිගෙන් ප්‍රශ්න කරයි

කුලියාපිටිය ප්‍රදේශයේ තම පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව කියන සිද්ධියට අදාළව වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ පොලිස් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබෙනවා.

පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත් බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා පැහැරගෙන යෑමේ ප්‍රධාන සැකකරු පෙම්වතියගේ පියා බව හෙළිව තිබෙනවා. ඔවුන් පසුව පවුල් පිටින් නිවෙස් අතහැර පළා ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මෙම ප්‍රධාන සැකකරු හිටපු මහඇමැතිගේ ළඟම හිතවතෙක් බවත් පැහැර ගැනීමට පෙර දිනයේදී ද දුරකතනයෙන් අමතා ඇති බවත් කියැවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles