කුලියාපිටිය තරුණයාගේ ඝාතනය ගැන පෙම්වතියගේ මාමා පාපොච්චාරණය කරයි

කුලියාපිටිය තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ මස්සිනා එම ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

සිඟිති නැමැත්තාගේ දියණිය සමඟ අදාළ තරුණයා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවත් ඔහුගෙන් ඇය ගැබ්ගෙන තිබූ නමුත් ඇයව විවාහ කරගැනීම තරුණයා විසින් ප්‍රතික්ෂේප කළ නිසා පහරදී ඝාතනය කළ බවත් සැකකරු පාපොච්චාරණය කර තිබුණා.

අදාළ තරුණයා පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් පහරදී ඔහුගේ ඇස් බැඳ දමා තිබූ රෙදි පටියෙන් ගෙල සිරකර ඝාතනය කළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා තිබුණා.

කෙසේ වෙතත් කුලියාපිටිය පෙම්වතියගේ නිවසේදි පහරදී ඝාතනය කළ තරුණා‌ගේ සිරුර පසුව රක්ෂිතයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

මෙය ඝාතනයක් බවට ඔප්පු වී ඇති බැවින් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සිඟිති නැමැත්තා සහ ඔහුගේ බිරිඳ අද(09) දිනයේත් යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (08) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සිඟිති නැමැත්තා සබඳකම් පැවැත් වූ පළාතේ දේශපාලඥයින් කිහිප දෙනෙකු වෙතද පොලිසියේ අවධානය යොමු කර තිබෙන අතර මෙම ඝාතකයින්ට සහ ඝාතනයට අනුබල දුන්නැයි සැකකෙරෙන පළාතභාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන පවත්වනවා.

සිඟිති නැමැති ප්‍රධාන සැකකරු ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ද වන අතර නීති විරෝධි මත්පැන් වෙළඳාමේ නිරත වූ අයෙක් බවත් පොලිසිය විසින් සඳහන් කළා.

අදාළ තරුණයා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය සිඟිති නැමැත්තාගේ දියණිය ඇතුළු දරුවන් තිදෙනා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බව පොලිසිය ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles