මෛත්‍රීගේ ප්‍රකාශ පරස්පරයි : CID අධිකරණයට කියයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තම දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති ප්‍රකාශ දෙක මෙන්ම ඔහුගේ නිවසේ සිද්ධියට පාදක වූ සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වන තොරතුරු එකිනෙකට පරස්පර බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10) අධිකරණයට දන්වා සිටියා.

හිටපු ජනපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍ය සඟවා අසත්‍ය ප්‍රකාශ කර ඇත්නම් වහාම ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කරන්නැයි පැමිණිලිකාර මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියා.

හිටපු ජනපතිවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ ජන අරගල ව්‍යාපාරයේ පුරවැසියෝ නම් සංවිධානය විසින් කළ පැමිණිලි සඳහා ද විමර්ශන ආරම්භ කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles