පොල්තෙල් මිල ඉහළට

වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන සිටීම තුළ මෙලෙස පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි.

පොල්තෙල් ආනයනයකරුවන් හිතුමතේ තෙල් මිල තීරණය කර ඇති බවත් ඉදිරියේ දී තෙල් බෝතලයක මිල රුපියල් 1,000ක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවයක් පවතින බවත් මෙම මිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු, බුද්ධික ද සිල්වා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles