වතු වැටුප් වැඩිකිරිම තවත් ප්‍රමාද වන ලකුණු

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් පසුගියදා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලා තිබෙනවා.

ඒ ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21 ක් විසින් අභියාචනයකින් ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම් ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (28) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත් දා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බැවින් එය විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකිරීමට තීරණය කළ බවයි.

එම තීරණය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

අනතුරුව අදාළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන මස 4 වනදා දක්වා කල් දැමීමට විනිසුරුවරුන් කටයුතු කළ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles