තැපෑල සටන අලුත් කරයි

දිවයින පුරා තැපැල් කාර්යාල සේවකයන් අද සවස 4 සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිත පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා.

ඔවුන් පවසන්නේ 27000 කට අධික තැපැල් සේවකයන් ඊට සම්බන්ධ වන බවයි ඔහු පවසා සිටින්නේ.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි හිතුමතේ විකුණාදැමීමට එරෙහිව, වැටුප රුපියල් 20000ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් සහ සේවක හිඟය පියවා ගැනීම යන කරුණු මේ වැඩවර්ජනයේ මූලික සටන් පාඨ බවයි සඳහන් වන්නේ.

මෙය තම අවසාන සංකේත වැඩවර්ජනය බවත් ඉන් පසු අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා මෙය රැගෙන යන බවත් චින්තක බණ්ඩාර වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles