සමාජ මාධ්‍යවලින් බුදු දහමට බැට දුන් ‘විශ්ව බුද්ධ‘ අත්අඩංගුවට

‘විශ්ව බුද්ධ‘ නමින් තමාව හඳුන්වාගනිමින් ෆේස්බුක් සහ ටික්ටොක් සමාජ ජාලා ඔස්සේ බුදු දහම සහ පැවිදිබව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බව කියන අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා මහත් කතා බහක් ඇති වුණා. මේ පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 34 වියැති අයෙක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මොහු මානසික අසමතුලිත අයෙක් බවත් ආරංචි පැතිර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ (12) දින පස්වරුවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles