කොළ කැඳ බොන්න දී ලක්ෂ 7ක් සොරා ගනී

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට රැඳී සිටි කාන්තාවකට මත් ද්‍රව්‍යයක් කලවම් කළ කොළකැඳ පානය කිරීමට දී සිහි නැති වූ පසු ඇයගේ රන් ආභරණ ගලවාගෙන නාඳුනන කාන්තාවක පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසියට වාර්තා කර තිබෙනවා.

මෙම කාන්තාව මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන තම සැමියා බැලීමට පැමිණ ඇති අතර එහි සිටි තවත් කාන්තාවක සමඟ ඇය කතා කර හිතවත් වී ඇය රැගෙන ආ කොළ කැඳ පානය කිරීමට දී ඇති අතර පසුව ඇය සිහිසුන් වී ඇති බවයි සඳහන් වන්නේ.

සිහිසුන් වූ කාන්තාවට සිහිය පැමිණි අවස්ථාවේ ඇය සතු රන් ආභරණ හා මුදල් ද නොමැති බව සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles