ජනපති සිහින බොඳ වෙයි : විජේදාසටත් තහනමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂට හා සාරථි දුෂ්මන්තට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන අද(24) නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හා අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යන පිරිස පැවරූ නඩුවක් සලකා බලමින් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම වාරණයෝග ලබන මස අටවෙනි දින දක්වා ක්‍රියාත්මක වෙනවා.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවයි.

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කර තිබුණා.

පසුගිය 21 වැනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධූරයන් තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ එම ධුරයන් තෝරා පත් කර ගැනීමට රැස්කළ විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවයි සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ශාරති දුෂ්මන්ත මිත්‍රපාල, සභාපති නිමල් සිරිපාල ද සිල්වා,වැඩ බලන සභාපති ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ විත්තිකරුවන්ට මෙම වාරණ නියෝග නිකුත් කෙරිණා.

විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිස විනිසුරුවරයා ලබන අටවැනි දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles