හංවැල්ලේ වෙඩි කා නැසුණේ මන්න රොෂාන්ගේ සොයුරා: පොලිසිය

හංවැල්ල පොලිස් වසමේ, නිරිපොළ ප්‍රදේශයේදී අද ( 4) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 31ක් වූ නිරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මන්නා රොෂාන්’ යන පුද්ගලයාගේ සහෝදරයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මිය ගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු කැබ් රථයකින් ගමන් කරමින් සිටියදීයි වෙඩි තැබීමට ලක්ව තිබෙන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ‘මන්නා රොෂාන්ගේ’ සහෝදරයා බව කියන පුද්ගලයා මිය ගොස් ඇති බවත් අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසනවා.

වෙඩි තැබීම සිදු කළ පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles