නන්දා-සුනිල් වෙනුවෙන් කවි උපහාර කලාපයක්

ආචාර්ය නන්දා මාලිනි හා මහාචාර්ය සුනිල් ආරියරත්න කලාකරුවන් වෙනුවෙන් ලියැවුණු කාව්‍ය නිර්මාණ ඇතුළත් ලන්ඩන් කවි උපහාර කලාපය දොරට වැඩුම ඊයේ (7 දා) මහවැලි කේන්ද්‍රයේදී සවස 3.00ට පැවැත්වුණා.

නීතිඥ අනුර හෑගොඩ විසින් සංස්කරණය කරන ලද මෙම නිර්මාණ සංග්‍රහය විවිධ කවි කිවිඳියන්ගේ සංකල්පනා වලින් විචිත්‍ර වී ඇති අතර ප්‍රවීණ කිවිවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මුඛ්‍ය දේශනය පැවැත්වූ අතර එල්ලාවල ආනන්ද කුලතිලක, කඩවත තේජා ගම්මන යන අයගේ සහභාගිත්වයෙන් හිටිවන කවි සංවාදයක් ද සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

කැලුම් ශ්‍රීමාල් උත්සව සභාව මෙහෙය වූ අතර ආචාර්ය නන්දා මාලිනිය හා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ආරාධිත යුවළ ලෙසද සහභාගී වි ඇති බවත් මෙම ආචාර්යවරුන්ට ලන්ඩන් කවි උපහාර කලාපය පිරිනමා ඇති බවත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles