ඥානසාර හිමි සිතා මතා කළ ප්‍රකාශයෙන් ජාතික සමඟියට බාධා වුණා : දණ්ඩන දෙමින් අධිකරණය කියයි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නැවතත් සිර දඬුවමකට යටත් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ 2016 වසරේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනාවකටයි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය රහස් පොලිසියට සහ පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලි අනුව මෙම නඩුකරය පැවැත්වුණා.

ප්‍රශ්නගත ප්‍රකාශය විත්තකරු වන ඥානසාර හිමි විසින් අහම්බෙන් නොව සිතාමතා කරන ලද එකක් බවයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීන්දුව දෙමින් ප්‍රකාශ කළේ. මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමඟියට බාධා වන බව කී විනිසුරුවරයා ආගමික නායකයෙකුට ජාතික සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකාර හිමිනම එය පැහැර හැර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, නගා තිබූ චෝදනා දෙකට අදාළව එක් චෝදනාවකට වසර 2 බැගින් වෙන් වෙන්ව ගෙවී යන බරපතළ වැඩසහිත සිරදඬුවම් උක්ත හිමිනමට ලබා දී තිබෙනවා. එපමණක් නොව රුපියල් ලක්ෂයක දඩයක්ද පණවා ඇති අතර එය නොගෙවන්නේ නම් අමතර වසර 2ක සිර දඬුවමක් ද නියම කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles