පාලිත තෙවරප්පෙරුම විදුලි සැරෙන් මරුට

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බව නාගොඩ රෝහල් ආරංචි මාර්ග පවසනවා.

නිවසේදී විදුලි පරිපථ දෙකක් සම්බන්ධ කිරීමට ගිය අවස්ථාවේදී මෙසේ විදුලි සැර වැදී ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවත් පසුව මිය ගිය බවත් පැවසෙනවා.

තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් සහ හිටපු වනජීවි අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරනු ලැබුවා. මිය යන විට ඔහු 64 වැනි වියේ පසු වුණා.

1 COMMENT

  1. අයියො, මෙයාගෙ වැඩේ කරන්න බැරි දේයි කලහැකි දේයි ඔක්කොම කරන්න යනවනෙ. පව් හොද මනුස්සයා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles