පිරමීඩ වංචා ගැන මහබැංකුවෙන් දැනුම්දීමක්

පිරමීඩ ක්‍රමයට නීතිවිරෝධීව ජනතාවගේ මුදල් තැන්පතු ලබා ගත් ආයතන 17ක් මේ වන විට හඳුනාගෙන ලැයිස්තුගත කර ඇති බව මහබැංකුව පවසනවා.

පසුගිය කාලයේ විවිධාකාර පීරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වූ බවත් ඒවා පාලනය කළ බවත් මහබැංකුව පෙන්වා දෙනවා.

එහෙත් ඕනෑම අවස්ථාවක එවැනි ජාවාරම් මතුවීමේ අවදානමක් ඇති බව කියා සිටින මහබැංකුව මෙවැනි ජාවාරම් ගැන හෝ තමන්ට සිදුව ඇති අකටයුතුකම් ගැන මහබැංකුවේ ‘‘බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව’’ ට පැමිණිලි කළ හැකි බව අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles