ටැන්සානියාවේ “මානුෂිය අර්බුදයක්” – පුද්ගලයින් 155 දෙනෙකු මිය යයි.

ටැන්සානියාවේ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 155 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාවත් සමග මෙලෙස ගංවතුර හා නාය යාම් ඇති වී තිබෙන බවයි එරට අග්‍රාමාත්‍ය කාසීම් මජලින් සඳහන් කර ඇත්තේ.

මෙම වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය මැයි මාසය තෙක් පැවතිය හැකි අතර එම නිසා ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

පුද්ගලයන් ලක්ෂ 2කකට අධික පිරිසක් අවතැන් වී ඇති අතර නිවාස 51,000කට හානි සිදු වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාසීම් මජලින් සඳහන් කරන්නේ.

ටැන්සානියාවේ අසල්වැසි කෙන්යාව හා බුරුන්ඩි රටවල්වලට ද අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය ඇති වී තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම කලාපය තුළ “මානුෂිය අර්බුදයක්” ගොඩ නැගී ඇති බව යි.

ජනවාරි මාසයේ සිට තම රටේ තත්ත්වය පිළිබඳව ටැන්සානියා පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මිය ගිය පුද්ගලයන් 155 දෙනෙකුට අමතරව පුද්ගලයන් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles