විපක්ෂයේ සහය ගන්න ආණ්ඩුවෙන් සුරා අල්ලස්

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබා දී ඇති බව වාර්තා වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ  දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් මෙලෙස බලපත් ලබාගෙන ඇති බව  සඳහන්.

ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී  ඇති බවයි දැනගන්නට ඇත්තේ.

විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි  පැවසෙන්නේ  ඒ ඒ දිස්ත්‍රික්කවල  විහාරාධිපති ස්වාමීන්වහන්සේලා මාර්ගයෙන් වන අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්‍ර දෙසීයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles