රනිල් ජනපති කිරීමේ පසුබිම් කතාව ප්‍රසන්න කියයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළේ පොහොට්ටුවේ නායකයන් මිස මන්ත්‍රීවරුන් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඇමතිවරයා කියා සිටියේ පොහොට්ටුවේ නායකයින් එජාප නායකයා ජනාධිපති කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට තමා ඇතුළු මන්ත්‍රීවරුන් සහය දැක්වීම පමණක් සිදු කළ බවයි.

රටේ ජනතාව දුක්විඳින විට නැවත රට යථා තත්ත්වයට පත් කළ හැකි නායකයෙකු සිටී නම් කුමන දේශපාලන මතිමතාන්තර තිබුණද ඔහුට සහය දැක්විය යුතු බවත් ඊයේ(30) උඩුගම්පොල පැවති රැස්වීමට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles