නාමල්ට ජනපති අපේක්ෂකත්වය දෙනවාද? මහින්ද පිළිතුරු දෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දිනන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට තව කාලයක් සිටිය යුතු බවද ඔහු සඳහන් කරනවා.

ඊයේ (03) වැල්ලවත්තේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“තරුණ වුණත් මධ්‍යම වුණත් දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. නාමල් රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ්ක තීන්දු කරන්නේ පක්ෂය. ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න එයා තව ටික කාලයක් ඉන්න අවශ්‍යයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles