නව විදුලි පණත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (09) ආරම්භ වුණා.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

පෙත්සම් විභාගය ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලිබල නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය කාර්යක්ෂමකොට පාරිභෝගිකයින්ට සහනදායි සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ දේශනවලින් පසුව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පාර්ශ්ව 14 ක් විසින් අදාළ කෙටුම්පතට විරුද්ධව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles