මාධ්‍යවේදියාට රු. මිලියන 13.5ක් වන්දි ගෙවන්නැයි හිරුට නියෝගයක්!

හිරු නාලිකාවේ වසර 8ක් සේවය කරමින් සිටියදී නීතිවිරෝධී ලෙස සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී හිරු නාලිකාවට පැවරූ නඩුවේ තීන්දුව ලබා දී තිබෙනවා.

ඒ අනුව මාධ්‍යවේදියා හට රුපියල් මිලියන 13.5ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය හිරු නාලිකාවට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

සේවය අවසන් කරන අවස්ථාවේ මාධ්‍යවේදියාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට හිරු නාලිකාව අපොහොසත් වූ බවයි අධිකරණය සිය තීන්දුවේ ප්‍රකාශ කර ඇත්තේ.

මෙකී චෝදනා කිසිදු පදනමක් නැති අත්තනෝමතික ඒවා විය හැකි බවයි අධිකරණය වැඩිදුරටත් තීන්දු කර තිබෙන්නේ.

ඒ අනුව මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීට රුපියල් මිලියන 13.5ක වන්දියක් ගෙවන ලෙස Asia Broadcasting Corporation (pvt) ltd (ABC networks) වෙත නියෝග කළ අධිකරණය තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට අගෝස්තු 2 දක්වා කාලය ලබා දුන්නා. කෙසේ වෙතත් එතෙක් අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles