ජනාධිපති වූ පසු අනුර කරන දේ

එළඹෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වන බව ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පවසනවා.

මහනුවර කරළියද්ද ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක දී ඔහු පවසා සිටියේ අනුර දිසානායක ජනාධිපති ධුරයට පත් වූ පසු ඔහුගේ පළමු නිවේදනය වන්නේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම බවයි.

මේ වසරේ පවත්වන ජනාධිපතිවරණයෙන් මාලිමාව දිනන බවට සියලු සමීක්ෂණ වාර්තා වලින් සහතික වී ඇති බවත් ඒ හේතුවෙන් ආණ්ඩුව විසින් මැතිවරණය කල්දමන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඔක්තෝම්බර් මාසය තුළ පවත්වන ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා පත්වන්නේ මාලිමාවෙන් බවත් ඉන් පසු එළැඹෙන මාස හත තුළ විවේකයක් නොමැතිව දිනපතා වැඩ කිරීමට සිදු වන බව ඔහු කියා සිටිනවා.

පුහු පාර්ලිමේන්තුවක් සමඟ නව ජනාධිපතිවරයාට වැඩ කිරීමට නොහැකි බවත් එම නිසා මහා මැතිවරණයකට සූදානම් විය යුතු බවයි ඔහු පවසා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles