අස්වැසුම ප්‍රතිලාභීන්ට අස්වැසුමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වන විට අදාළ බැංකු වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පුද්ගලයින් 113,713ක් සඳහා මෙම මුදල් ලැබෙන බවත් බැංකු මගින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඔහු සිය ට්විටර්(එක්ස්) ගිණුමේ සටහනක් තබමින් තව ද සඳහන් කරන්නේ ප්‍රතිලාභි පවුල් 1,162,245 කට අදාළ රුපියල් මිලියන 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වන විටත් ගෙවා අවසන් කර ඇති බවයි.

තව ද අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරන බව ද අමාත්‍යවරයා එම සටහනේ සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles