වෙළඳාම අඩු වෙලා- රජයට බදු අඩු වෙයි: මත්පැන් සමාගම් කනස්සල්ලෙන්

සැප්තැම්බර්වලින් අවසන් වන කාර්තුවේ මෙරට සමස්ත මත්පැන් කර්මාන්තයේ පරිමාව 12%කින් පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ලයන් බෘෘවරී සමාගම මේ බව දක්වා තිබෙනවා.

බදු ඉහළ දැමීම නිසා මිල ඉහළ යාමෙන් මත්පැන් ඉල්ලුම ප්‍රබල ලෙස පහත වැටී ඇති බවත් අනීතික මත්පැන් භාවිතය කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

ලංකා දුම්කොළ සමාගමද පවසා ඇත්තේ සිය අලෙවි පරිමාව පහත ගොස් ඇති බවයි. බදු නිසාවෙන් කළ මිල ඉහළ දැමීම ඊටද හේතු වූ බවයි පැවසෙන්නේ.

සමාගම් පවසන්නේ බදු ඉහළ දැම්මද අලෙවිය අඩු වන නිසා රජයට විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles