ලක්ෂ 3490ක බාල බෙහෙත් රෝහල්වලින් කසල ගොඩට!

2022 වර්ෂයේදී රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් ලක්ෂ 3490ක පමණ ඖෂධ හා රසායනාගාර ද්‍රව්‍ය ඉවත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ බව වාර්ෂික විගණකාධිපති වාර්තාවේ දැක්වෙනවා.

වෛද්‍ය සැපයීම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාව වන විටත් එම ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිත කර අවසන් කර තිබූ බව ද විගණනය මඟින් හෙළිදරව් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles