ඒ ආදරේ පුදුමයි: හදවතේ ගායකයාගේ රුව තමන්ගේ ම රුධිරයෙන් සිතුවම් කළ චිත්‍ර ශිල්පියා!

චාමර වීරසිංහ ගායකයා මෙරට පොදුජනයාගේ ගායකයා බව අමුතුවෙන් කිව යුතු නැහැ. එච්.ආර්. ජෝතිපාලගෙන් පසු මෙතරම් පොදු ජන ප්‍රසාදයක් දිනාගත් ගායකයෙක් නම් චාමර ම විතරයි.

ත්‍රීරෝද රථවල, ටැටූවල, තාප්පවල සිතුවම් වුණ වෙනත් කලාකරුවෙක් නැති බවට සැකයක් නෑ.

චාමර පසුගිය සමයේ අසනීප වී රෝහල්ගත කළ පසු රසිකයන්ගේ ආදරය කොතරම් දැ යි පෙනී ගියා. ක්ෂේත්‍රයේ ඒ රසික ප්‍රසාදය සම්බන්ධයෙන් නම් ඔහුට කිසිම තරඟයක් නැහැ.

ඔහුට අසීමිතව ආදරය කරන චිත්‍ර ශිල්පියෙක් තමන්ගෙම රුධිරයෙන් චාමරව චිත්‍රයට නගා තිබෙනවා. මේ ශිල්පියාගේ නම සමීර ශාක්‍ය රත්නායක. ඔහු පවසන්නේ රුධිරය ආදිම යුගයේ පටන් මානවයාගේ චිත්‍ර ඇඳීමේ ද්‍රව්‍යයක් වුණ බවයි. ඔහුට අනුව තමන් රුධිරයෙන් කරන සිතුවම තමන්ගේ හදවතට දැනෙන කෙනෙක්ගේ ම වෙන්නත් අවශ්‍යයි.

කොහොම වුණත් මේ සිතුවම ඉතා අනර්ඝව ඔහු නිම කරලා තියන බව නම් කියන්නට ඕන. මේ වගෙ දෙයක් අද වගෙ කාලෙක පුදුම වෙන්න කරුණක් බවත් ඒ එක්කම මතක් කරන්න ඕන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles